රටේ ගුරු හිඟයට විශ්‍රාම ගිය ගුරුවරුන් යළි සේවයට….

0
304

රටේපවතින ගුරු හිඟයට පිළියමක් ලෙස විශ‍්‍රාම ගිය ගුරුවරුන් යළි සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඇතැම් විෂයන් සඳහා ගුරුවරුන් හිඟවීම සහ බඳවා ගන්නා ගුරුවරුන් පුහුණු කරන තෙක් මෙලෙස වයස අවුරුදු 60 ඉක්මවා ගොස් විශ්‍රාම ගිය ගුරුවරුන්ගේ සේවය ලබාගැනීමට සැළසුම් කර ඇති බවද සඳහන් කළා.

කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් එ් මහතා සඳහන් කළේ විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නව ක‍්‍රමවේදයක් සකස් කර ඇති බවයි. ඒ අනුව දිස්ත්‍රික් පදනමින් 50% වශයෙන්ද අනෙකුත් 50% ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්ද ගැනීමට කටයුතු කර ඇති බවත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here