රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද ? එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය ද ?

0
337

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද, එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද පැවසීය.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here