රටේ දරිද්‍රතාවය ඉහළ යාමට දුරකථනය හේතු වෙලා – මහින්ද අමරවීර

0
536

ජංගම දුරකථන භාවිතයේ දී සංයමයක් තිබිය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ අනවශ්‍ය අයුරින් දුරකථනය භාවිත කිරීම හේතුවෙන් ඇතැම් පුද්ගලයින් විවිධ ගැටළුවලට මුහුණපාන බවයි.

ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

වර්තමානයේ දරිද්‍රතාවය ඉහළ යාමට ද ජංගම දුරකථන හේතු වී ඇති අතර ඇතැම් පුද්ගලයින් සිය වැටුපෙන් වැඩි ප්‍රතිශතයක් ද දුරකථන ගාස්තු ගෙවීම සඳහා වැය කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here