රටේ ‘සියලුම’ උත්සව දෙසතියකට තහනම්..!

0
430

අද සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත.

එබැවින් කරුණාකර අත්‍යවශ්‍ය ගමන් බිමන් සහ රාජකාරී අවශ්‍යතා සදහා පමණක් නිවෙසින් පිටතට යන ලෙසත්, නිවසේ අත්‍යවශ දෑ සදහා එක් අයෙකු පමණක් නිවෙසින් බැහැරට ගමන් ගන්නා ලෙසක්, පොදු ස්ථාන වල උත්සව යටතේ නොවැටෙතත් සෙනග රැස්වන ස්ථාන නම් ඒවා මග හරින ලෙසත් CIA පාඨක ඔබෙන් ඉල්ලා සිටියි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here