Thursday, December 26, 2024

රට අරාජිකවිමට හේතු පාඨලී කියයි

රට දැන් පාලනයක් නොමැති අරාජික තත්ත්වයට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (ඔක්තෝබර් 18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මීට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය.  ඒ අනුව දැනට රටේ සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

“මේකට විද්‍යාත්මක කරුණු දෙකක් මුල් වෙලා තියෙනවා. ඒ කරුණු දෙකටම සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ වර්තමාන ආණ්ඩුව. පළවෙනි කාරණය තමයි, පසුගිය මැයි හය වෙනිදා ආණ්ඩුව, ශ්‍රී ලංකාවට ගෙන්වන සියලුම රසායනික පොහොර, ඒ වගේම පළිබෝධනාශක, වල්නාශක වැනි දෑ සපුරා තහනම් තහනම් කරලා කාබනික පොහොර යොදන්න කිව්වා. කාබනික ක්‍රම අනුගමනය කරන්න කිව්වා. ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රම අනුගමනය කරන්න කිව්වා. මේක නිසා සමහර ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා.”

දෙවැනි කාරණය ලෙස රණවක මහතා පෙන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුව විසින් මුදල් මුද්‍රණය කිරීම මේ මිල ඉහළ යාම් සඳහා හේතු වූ බවය.

2019 යහපාලන ආණ්ඩු සමයේ මුදල් මුද්‍රණය කොට ඇත්තේ රු. බි. 29 කි. නමුත් වත්මන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ පමණක් රු. බි. 1300 කට අධික ප්‍රමාණයක් මුදල් මුද්‍රණය කොට තිබේ. “සල්ලි අච්චු ගැසීම” හේතුවෙන් අනිවාර්‍යයෙන් භාණ්ඩ මිල ඉහළ යන බව පැහැදිලිය. ඊළඟ මාස දෙක තුළ මේ තත්ත්වය වඩාත් උග්‍ර වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles