රට “කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නෑ

0
462

ඉදිරි මැතිවරණයක දී රට “කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආණ්ඩුවේ ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීමේ කාර්යභාරය අවසන් වන්නේ තීන්ත සහ කොළ අවසන් වූ දාට බව කී රංගෙ බණ්ඩාර මහතා තව වැඩි දවසක් යන්නට පෙර ජනතාවට ආහාර නැතිව මුදල් කොළ ආහාරයට ගන්නට සිදුවනු ඇතැයි ද කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී රංගෙ බණ්ඩාර මහතා මෙි බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here