Saturday, December 28, 2024

රට ඩොලර් වලට විකුණන්න අපි සූදානම් නෑ-ඇමති විජයදාස රාජපක්ෂ

ජී එස් පී වලින් ඩොලර් ලබා දෙන්නට නොයෙකුත් කොන්දේසි අපේ රටට බලෙන් ඔබ්බවන්න උත්සහ කලද   සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වෙන රටේ ශාසනය , ආත්මය ඩොලර් වලට හෝ පවුම් වලට විකුනන්න අපි සූදානම් නැතැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
තව බොහෝ යෝජනා ඇතත් ඔවුන්ගේ  ඉල්ලීම් වලට එකඟ නොවන බවත් ඒවා  ප්‍රතික්ෂේප කරමින්   අපි එක පැහැදිලි ප්‍රතිපත්තියක සිටිමින්  මේ බෞද්ධ ශිෂ්ඨාචාරය මත පෝෂණය වුණ  සංස්කෘතිය  වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත්  අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.
අමත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අදහස් පල කලේ ස්කෑන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක , ස්වීඩන් බෞද්ධ කෞන්සිලයේ නියෝජ්‍ය සභාපති , ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන්ගේ සංකල්පයක් මත උන්වහන්සේගේ අනුශාසනා පරිදි මඩපාත පොල්හේන ප්‍රදේශයේ ඉදිකෙරුණ සාමය සෞභාග්‍ය සඳහා වූ ධම්මචරණ ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ සහ පුහුණු ආයතයේ  මුල් අදියර විවෘත්ත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා
ඒ කාලේ බෞද්ධයෝ නෙමෙයි අබෞද්ධයෝ බුද්ධාගම ගැන පර්යේෂණ කළා.එදා දාවිත් කියන පාදිලි තැන බුද්ධධර්මය ගැඹුරින් ඉගෙන ගත්තා. ඒ  ඉගෙන ගත්තේ බුද්ධ ශාසනය රකින්න නෙමෙයි.බුද්ධ ශාසනය , බුදුන් වහන්සේගේ ධර්මය බොරුවක් කියලා ලෝකයට ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරන්න ගිහිල්ලා , අභියෝග කළ නිසා තමයි අපේ රටේ පංච මහා වාදය ඇති වෙන්නේ. අද ලෝකයේ බුද්ධ ශාසනය , බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ආරක්ෂා වෙලා තියෙන්නේ පානදුරා වාදයත් එක්ක ඇති වුණ පංචමහා වාදය නිසා කියල කිඋවොත් සෑහෙන දුරකට නිවරදියි කියා මා හිතනවා.
ස්කෑන්ඩිවෙනියානු වගේම යුරෝපීය රටවල් අද ආගම් නැති රටවල් බවට පත් වෙලා තියෙනවා.ආගම් විතරක් නෙමෙයි සමහර රටවල් වල සදාචාරයක් , සංස්කෘතියකුත් නැහැ.පහුගිය දවස් වල අපේ රටටත් නොයෙකුත් කොන්දේසි බලෙන් ඔබ්බවන්න හැදුවා.අපිට ජී එස් පී වලින් ඩොලර් දෙනවා කියලා.හැබැයි සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වෙන රටේ අපි ශාසනය , ආත්මය ඩොලර් වලට පවුම් වලට විකුනන්න සූදානම් නැහැ. ඒගොල්ලන්ගේ ඉල්ලීම් වලට අපි එකඟ වෙන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරනවා.තව බොහෝ යෝජනා තියෙනවා. ඒ මොනවා කරත් අපි එක පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා අපේ මේ බෞද්ධ ශිෂ්ඨාචාරය මත පෝෂණය වෙච්ච මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න දෙන්නේ නැහැ.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනයෙන් පැවති දහම් හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් , මාරතුගොඩ ධම්මානන්ද නාහිමියන් , මැදවච්චියේ රතනපාල නාහිමියන්  , සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාදිකාරී ගෝනදුවේ ගුණානන්ද නාහිමියන් , ජර්මනියේ ප්‍රධාන සංඝනායක රත්මලේ පුග්න්ඥරතන නාහිමියන් , කිරිඳිගල්ලේ ඥානරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණී ලොකුගේ  මහතා ඇතුළු ගිහි විශාල පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles