රට නැටවීමේ යතුරක් ගැන ඇමති ගම්මන්පිල කියයි !

0
337

අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම රටට අහිතකර බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු පැවසුවේ අදාළ ගිවිසුම තවමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවය.

පසුගිය සඳුදා රාත්‍රී ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එසේ සඳහන් කළේය.

ඔහු පැවසුවේ  අදාළ ගිවිසුම තවමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවය.

“17වනදා රාත්‍රියේ අත්සන් කරපු ගිවිසුම අපි දැකලා නෑ. ඒ ගිවිසුමේ වගන්තිය අනුව ගෑස් සැපයිමේ ඒකාධිකාර්යය හිමි වෙනවා නිව් ෆෝට්‍රස් සමාගමට. චීනය වගේ නෙමේ ඔබ දන්නවා අමෙරිකාව අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගහනවා, අනාගතේ යම් දවසක රට ෆෙඩරල් කරපන් නැත්නම් රට අඳුරේ තියනවා කියන්න මේ ගෑස් යතුර අතේ තියෙන මේ අමෙරිකාව කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ රට නැටවීමේ මැජික් යතුර බවට මේ ගෑස් ඒකාධිකාරය පාවිච්චි කිරීමට අමෙරිකාවට හැකියාවක් තියෙනවා. ඒකේ අවදානමක් තියෙනවා. කවුරු අත්සන් කරත් වැරදි දේ වැරදිමයි.”

ප්‍රශ්නය – ඔබතුමා හිතනවාද මේ ගිවිසුම ආපසු හරවන්න පුළුවන් කියලා?

පිළිතුරු – සමහර දේවල් තියනවා කියලා කරන ඒවා. සමහර දෙවල් තියනවා කරලා කියන ඒවා. මේක අයිති වෙන්නනේ කරලා කියන ඒවාට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here