රට නැවත 70 දශකයට – ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති රටටම විහිලුවක් වෙලා

0
298

රජයේ ඇතැම් ප්‍රතිපත්ති විපක්ෂයට විහිළු සපයන ඒවා බවත් රට නැවතත් 70-77 දශකයට ගමන් කරන අයුරු පෙනෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

රජයේ ඇතැම් ප්‍රතිපත්ති සමාජ මාධ්‍ය ජාලාවලටද හොඳ ප‍්‍රවෘත්ති වී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

70 දශකයට නැවත යාම හොඳ බව ඇතමුන් සිතාගෙන සිටියද ඒ යුගය එදා පැවැතියේ රට ණය නැති අවස්ථාවක බවත් එම ක්‍රමය පවත්වාගෙන යාම අද ඉතා අසීරු බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඇල්පිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ලෙස පත් කිරීම ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ කබ්රාල් මහතා මුලින්ම මහ බැංකුවේ අධිපති ධුරයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටීමෙන් අනතුරුව බවයි.

මහ බැංකුව ද සෙසු ආයතනය මෙන් දේශපාලනීකරණය නොවූ තැනක් විය යුතු බවත් පැවසූ ඔහු මහ බැංකුවෙන් තීරණය ගත යුත්තේ රට දියුණු කිරීමට මිස දේශපාලනඥයන්ගේ මනදොල පිරවීමට නොවන බවද තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here