රට පුරා ඩොලර් පෝලිම්!

0
522

ඩොලරයේ අගය දිගින් දිගටම අඩු වීමත් සමඟ තමන් අතැතිව තිබූ ඩොලර් රුපියල්වලට මාරු කර ගැනීම සඳහා මේවනවිට විනිමය හුවමාරු මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දැකගත හැකි වනවා. මෙම තත්ත්වය ඊයේ දිනයේ මෙන්ම අද දිනයේදීද දැකගත හැකි වූ බවයි වාර්තා වන්නේ

ඉකුත් මාර්තු මස 1 වනදා අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 360 සීමාවේ පැවතුණා. එහෙත් ඉකුත් 3වනදා සිට දිගින් දිගටම අමෙරිකානු ඩොලරයේ මිල සීඝ්‍රයෙන් පහළ ගියා. මෙම තත්ත්වය අනුවයි තමන් සතුව ඇති ඩොලර් මාරු කිරීම සඳහා ජනතාව මේවනවිට පෝලිම් වෙත පැමිණෙමින් සිටින්නේ.

ඊයේ දිනය වන විට අමෙරිකානු ඩොලරයක අගය කලකට පසු රුපියල් 300 සීමාව ආසන්නයට පැමිණියා. ඊයේ දිනයේදී ඇතැම් වාණිජ බැංකු වල අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 325ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රුපියල් 325 සිට රුපියල් 331ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ගැනුම් මිල දැක්වුණේ රුපියල් 308ත් රුපියල් 310 ත් අතර අගයකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here