Friday, September 20, 2024

රට පුරා තාක්ෂණික උද්‍යාන පහක්…

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ ශ්‍රී ලංකාව තාක්ෂණික ප්‍රවේශ පුරවරයක් බවට පත් කිරීම උදෙසා තාක්ෂණික උද්‍යාන නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කොට තිබේ .

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය, නුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණ උද්‍යාන පහක් ස්ථාපිත කිරීම සඳහා 2021 අයවැය මගින් යෝජනා කර ඇත .එහිදී අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ වීමේ පහසුකම්, සංචාරක ආකර්ෂණයට අවශ්‍යය මානව සම්පත් පැවතීම හා අනෙකුත් අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන අදාළ තාක්ෂණ උද්‍යාන ස්ථාපිත කිරීම සඳහා යෝග්‍ය ස්ථාන අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ .

යෝජිත ව්‍යාපෘති වාණිජමය ව්‍යවසායන් වශයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස භාණ්ඩාගාර ලේකම්ට මුළු කොටස් අයිතිය හිමිවන පරිදි තාක්ෂණ උද්‍යාන සංවර්ධන සමාගම යනුවෙන් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ඉදිරියේ දී එම සමාගම කොළඹ කොටස් වෙළඳපලෙහි ලියාපදිංචි කර පෞද්ගලික ආයෝජකයින්ට අදාළ ව්‍යාපෘති වලට සහභාගි වීම සඳහා අවස්ථාව සලසා දීමටත් සැලසුම් කර ඇත .

මෙකී යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම පිණිස ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත .

ඒ අනුව සැමට තාක්ෂණයෙන් උපරිම ඵල ලබා ගනිමින් සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සංකල්ප මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් වාණිජමය වශයෙන් ව්‍යාපාරික ව්‍යසායකයන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ට ද ඉතා වැදගත් වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles