Monday, September 23, 2024

රට රැකියාවෙන් අසරණ වූ ශ්‍රමිකයින්ට කාර්යාංශයෙන් වන්දි ..

විදේශ රැකියාවේ නිරත වෙමින් සිටිය දී සිදුවූ විවිධ කරදර හා අනතුරු හේතුවෙන් අසරණ වූ ශ‍්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් විගමනික සේවක සුභසාධක අරමුදල මඟින් රුපියල් ලක්‍ෂ 66 කට අධික වන්දි මුදල් පිරිනැමීම සිදුකළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ශ‍්‍රමිකයින් 37 දෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම වන්දි ප්‍රදානය සිදුකර තිබේ.

වන්දි ප්‍රදානයෙන් අනතුරුව අඳහස් දැක්වූ අමාත්‍යවරිය  වැඩිදුරටත් කියා සිටියේ,

විදේශ රැකියාවල නිරතවන ශ‍්‍රමිකයින් කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන් ලබාගත යුතුයි. ලියාපදිංචිය ලබා ගත්තොත් තමයි,රජයක් විදිහට ඒ ශ‍්‍රමිකයින් වෙනුවෙන් වග කියන්න පුළුවන්  වෙන්නේ. ඇතැම් වෙලාවට විදේශ රැකියාවලදී නොයෙක් කරදරවලට ලක් වෙන්න සිද්ධ වෙනවා.

ශ‍්‍රී ලංකාව මිනිස් ජාවාරමේ යෙදෙන රටක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්‍ෂණයට ලක්වෙමින් තිබෙන්නේ. මේ නිසා බරපතෙළ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.මේ තත්ත්වය අපි ඉක්මණින් වෙනස් කළ යුතුයි. අපි මැදි ආදායම් ලබන රටක් විදිහට අපේ රට සංවර්ධනය කරන්න ජාත්‍යන්තරයෙන් ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය මත අපි බොහොම වගකීමෙන් වැඩකරන්න  අවශ්‍යයි .

මෙලෙසලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී සිදුවූ මරණ 16ක් සඳහා රුපියල් 4,050,000ක්ද, වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 18 දෙනෙකුට රු  2,425,000 ක්ද,  යැපෙන්නන් සඳහා ශ‍්‍රමිකයින් තිදෙනෙකු  වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රු 200,000 ක්ද පිරිනමන ලදී.

ඒ අනුව 2016 වර්ෂයේ මුල් කාර්තු දෙක තුළ විගමනික ශ‍්‍රමිකයින්  76 දෙනෙකු වෙනුවෙන් රුපියල් එක් කෝටි එකොලොස් ලක්‍ෂ හතලිස් දහසක මුදලක්  වන්දි වශයෙන් පිරිනමා තිබෙන බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles