Wednesday, September 25, 2024

“රට විනාසයි – එක්වෙමු” – සජබ විරෝධතාව අද

ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය විසින් සංවිධාන කරන විරෝධතා ජන රැළිය අද (15) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙම ජන රැලියේ තේමා පාඨය වී ඇත්තේ “රට විනාසයි – එක්වෙමු” යන්නයි.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ප.ව 2.00 ට කොල්ලුපිටිය මංසන්ධියෙන් මෙම විරෝධතාව ආරම්භ කෙරෙන බව එම පක්ෂය කියයි.

මෙම ජන රැළිය කොළඹ ස්ථාන කිහිපයකින් ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම අධික ලෙස ඉහළ යෑම, ඉන්ධන සහ ගෑස් අර්බුදය ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුද ගණනාවක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.

රජයේ ක්‍රියාකලාපය හමුවේ පීඩාවට පත්ව සිටින රටේ සියල්ලන්ට ඊට සහභාගී වන ලෙසට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇරයුම් කළා.

මෙම ආණ්ඩු විරෝධී දැවැන්ත විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් ලක්ෂයක ජනතාවක් අද (15) දිනයේ කොළඹට රැගෙන එන බවද මන්ත්‍රිවරයා මෙහි දී සඳහන් කළේය.

අද ආරම්භ කරන මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා තවත් නගර ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනබවද වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුළ උද්ගතව ඇති ගැටලු කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles