රට විරුවන්ගෙන් ලැබෙන මුදල් 32.8% කින් පහළට

0
295

විදේශ සේවා නියුක්තිකයින් ඉකුත් අගෝස්තු මාසයේ මෙරටට එවන ලද විනිමය පේ‍්‍රෂණය ප‍්‍රමාණය සියයට 32.8 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2020) අගෝස්තු මාසයේ දී රටට ලැබුණු විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 664 ක් වූ අතර එය ඉකුත් අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 447 දක්වා අඩුවී ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මේ වසරේ (2021) පළමු මාස අටේදී විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ඇමැරිකානු ඩොලර් මිලියන 4224 ක විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් ලැබී ඇති අතර එය ගිය වසරේ (2020) පළමු මාස අටට සාපේක්ෂකව සියයට 2.8 ක අඩුවීමක් බවද එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here