රට විරුවන්ගෙන් ලැබෙන සල්ලි 35.4% කින් පහළට

0
366

මෙරටට ලැබෙන විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ ප‍්‍රමාණය සියයට 35.4 කින් පසුගිය ජුලි මාසයේදී පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2020) ජුලි මස වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 702 ක් වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණ ලැබීම් ප‍්‍රමාණය මේ වසරේ (2021) ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 453 ක් දක්වා අඩු වී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වසරේ (2021) පළමු මාස හතේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණවල පසුගිය වසරේ (2020) එම කාලයට සාපේක්ෂව සියයට 2.8 ක සුළු වර්ධනයක් සිදුව තිබේ. ඒ අනුව මේ වසරේ (2021) ජනවාරි සිට ජුලි දක්වා මුල් මාස හතේදී ඇමරිකානු ඩොලර් මිලියන 3778 ක විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් ලැබී ඇති බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

දිවයින – ශ්‍යාම් නුවන් ගනේවත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here