රට විවෘත කළහොත් සෞඛ්‍ය නිර්දේශ අනුව දුම්රිය ධාවනයට උපදෙස්

0
302

පළවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවන කටයුතු කිරීම ට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී, පළාත තුළ හෝ පළාත් අතර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අලුත්වෙන, ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, දුම්රිය නැවත ධාවනයේ යෙදවීමේ දී ප්‍රවාහන අංශය සහ ධාවන බල අංශයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා සේම එම කාලයට ලැබෙන උපදෙස් වලට අනුව කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් රජයෙන් ලබා දෙන මුදලට හැකි තාක් උපරිම සේවයක් ජනතාවට ලබා දෙන බව කියා සිටි ඒ මහතා, දෙපාර්තමේන්තුවක් ලෙස රජයෙන් බලපොරොත්තු වන අරමුණ ඉටුකිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීම වන බවත් කියා සිටියේය.

ඒ අනුව, දුම්රිය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද හඳුන්වා දුන් ඒ මහතා කඩිනමින් විදුලි දුම්රිය හඳුන්වාදීමට පියවර ගන්නා බව පැවසු අතර මේ දිනවල ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්, ඉදිරි වසර කිහිපය තුළ මෙම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, සංචාරක ක්ෂේත්‍රය උදෙසා සේවය සැපයීමට නවීන වායුසමීකරණය පහසුකම් වලින් යුත් දුම්රියක් යෙදවීමටත්, කොළඹ සිට අබේපුස්ස දක්වා ගල් අඟුරු දුම්රියක් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ගමන්වාර සඳහා යෙදවීමටත් කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here