රට විවෘත කිරීමට පෙර පොදු ප්‍රවාහන සේවා සැලසුමක් අවශ්‍යයි

0
302

රට විවෘත කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම පිළිබඳ වන සැළසුම් නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කිරීමට පෙර ඉදිරිපත් කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රවාහන බලධාරින්ගෙන් ඉල්ලීමක් කළා.

ඔහු පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවා නිසි ක්‍රමවේදයකට අනුව පවත්වාගෙනයාමට අපොහොසත් වුවහොත් නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය වර්ධනයවීම වැළැක්විය නොහැකි බවයි.

දෛනික ආසාදිතයින් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කළද අවදානම පහවගොස් නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here