රට විවෘත වෙයි.. රට පුරා පෝලිම් සහ විශාල ජන රාශියක්…

0
406

අද (21) රට සාමාන්‍ය සේවා සඳහා කොන්දේසි සහිතව සීමිතව විවෘත කළ අතර සියලුම මාර්ග වාහන වලින් පිරී පැවතුනි. බැංකු සහ උකස් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණි. එමෙන්ම මත්පැන් ශාලා අසල බලාපොරොත්තු වූ මට්ටමේ පෝලිම් දක්නට නොවූ අතර ජනතාව පත්ව ඇති ආර්ථික අසරණ භාවය මැනැවින් පෙනෙන්නට විය..

සියලුම කුඩා පරිමාණයේ වෙළෙන්දන් සහ පදික / මාර්ග වෙළෙඳුන් තමන් සතු ඉතාම කුඩා දේ පවා විකීණීමට මාර්ග අද්දරට ගෙන ආ අයුරු අප වයඹ පළාත් සහ සබරගමු පළාත් වාර්තාකරුවන් සඳහන් කර සිටියා.

සියලු දෙනා මුඛ ආවරණ පැළඳියද පෝලිම් වල සමාජ දුර්ස්ථභාවය නම් පෙනෙන්ට තිබුණේ නැහැ. කෙසේ නමුත් ජනතාව විවිධ අවශ්‍යතා රාශියක් සහිතව නගරයට පැමිණියත් සියලුම රාජ්‍ය ආයතන, බැංකු සහ සමාගම් සීමිත පිරිසකින් සේවා පවත්වා ගැනීම නිසා ජනතාව දැඩි අපහසුතාවකට ලක්වුණා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here