රට සංවර්ධනය කරන්න මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වන්න සලකා බලනවා

0
302

මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

පෙර අවස්ථාවේදී කොවිඩ් සහ රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් වාහන ගෙන්වීම කල් දමන ලෙස මන්ත්‍රීවරුන්ම ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට කොවිඩ් මර්දනය කිරීම් සහ එන්නත්කරණය සාර්ථකව සිදුවී ඇති බැවින්, රටේ සංවර්ධනයට දායක වීම සඳහා මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමේ යෝජනාව නැවත සලකා බැලීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේදී යෝජනා වී තිබෙනවා.

කෙසේවෙතත් එහිදී අවසන් තීරණයක් නොගත් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here