රතන හිමිගේ මන්ත්‍රී ධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලිමක්

0
281

අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයේ තවත් පාර්ශ්වයක් වන විජයධරණි ජාතික සභාව අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ අපේ ජන බල පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත් එම නිසා උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට හැකියාවක් නොමැති බවයි.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව අපේ ජන බල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

එම තීරණය ලිඛිතව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here