රතන හිමිගේ ස්ථාවරය ලබන සතියේ

0
348

තමන්ගේ දේශපාලන ස්ථාවරය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් එතෙක් නිහඬව සිටීමට තමන් තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ.

පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සියලූ කරුණු සළකා බලා ඉදිරි සතිය තුළදී මාධ්‍යයට නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here