රත්නපුරෙන් හමුවූ විශාලතම මැණික් ගල තරු නිල් මැණික් පොකුරක් බවට ස්විට්සර්ලන්තයේදී තහවුරු වෙයි

0
323

රත්නපුරයෙන් මීට මාස කිහිපයකට පෙර මතුවූ කිලෝග්‍රෑම් 510ක් බරැති මැණික් ගල ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ආයතනය මගින් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව තරු නිල් මැණික් පොකුරක් බව තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද ප්‍රකාශ කළේය.

එය තරු නිල් මැණික් පොකුරක් බව ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab සවස තහවුරු කළ බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ කාරක සභා අවස්ථා විවාදයේ පිළිතුරු කතාවේදී අමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රිස්ටි වෙන්දේසියේදී වෙන්දේසි කර එහි උපරිම ප්‍රතිලාභය ලබාගැනීමට පියවර ගන්නා බවයි.

පසුගිය වසරේ රත්නපුරයේ ඉදිකිරීම් ආරම්භ කළ සත්මහල් මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ලබන වසරේ විවෘත කරන බව ද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here