රත්‍රං ඉන්දියාවට ගෙනයන්න බැරිවෙයි

0
324

නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් ඉන්දියාවට ගෙනයාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපළ රේගුව විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්වයාමට පැමිණි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ පාවහන් යුගලේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම රත්‍රං තොගය සොයාගෙන ඇති අතර එහි බර ග්‍රෑම් 600ක් පමණ වන බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේය.

එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන  අතර ගුවන්තොටුපළ රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here