Tuesday, September 24, 2024

රථවාහන වැරදිවලට පොලීසියෙන් ඇප් එකක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාවට නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

රථවාහන වැරදිවලට අදාළ තොරතුරු මහජනතාව වෙතින් පොලීසිය වෙත ලබාගත හැකි පරිදි එම ජංගම දුරකථන යෙදවුම (Mobile App) නිර්මාණය කර ඇත.

ලෝක රිය අනතුරු නිවාරණ සතිය එළඹෙන 17 වනදායින් ආරම්භ වන අතර ඊට සමගාමීව මෙම නව යෙදවුම හඳුන්වාදීමට නියමිතය.

පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ එම ජංගම දුරකථන යෙදවුම (Mobile App) හරහා රථවාහනවලට අදාළ සිද්ධි, ඡායාරූප හෝ වීඩියෝ පොලීසිය වෙත යොමුකළ හැකි බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles