රථ වාහන දඩ මුදල් ගෙවීම Online ක්‍රමයට

0
340

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගෙවීම සිදුකිරීම සඳහා නීති සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ සකච්ඡාවක් ඊයේ (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබඳව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව එහිදී අවධානය යොමුව තිබේ.

ලබන වසරේ ජනවාරි මාසය වන විට එම ක්‍රමවේදය සකස්කිරීම පිළිබඳව එහිදී සකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි පරිදි නීති සම්පාදනය කිරීම හා ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

එහිදී මේ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ අධීක්ෂණයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා CLEAR ආයතනය හා ICTA ආයතනය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විතව කමිටුවත් පත්කෙරිණි.

එම කමිටුව විසින් සිය නිර්දේශ ලබන වසරේ ජනවාරි මාසය වන විට ලබා දිය යුතු අතර ඉන් පසුව එම නිර්දේශයන් ද සැලකිල්ලට ගෙන නව නීති සම්පාදනය හා තාක්ෂණය භාවිතා කරනු ලබන ආකාරය පිළිබඳව කටයුතු කරනු ලබයි.

මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගයන් තුළ සිදු කිරීම පිළිබඳව සාකච්ඡා වූ අතර පසුව අනෙකුත් මාර්ග සදහා මෙම ක්‍රමය ක්‍රමයෙන් හදුන්වා දීය යුතු බව එහිදී සාකච්ඡා කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here