Thursday, January 16, 2025

රන්ජන්ට කොන්දේසි තුනක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතාව එළඹෙන පෙබවාරි 04 වනදා ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා කමල් අද්දරආරච්චි ප්‍රමුඛ නළු නිළියන් රැසක් එක්ව විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබුණු අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු වන, කෝටිපති ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතා ද එක්ව සිටියේය.

රංජන් රාමනායක මහතාට නිදහස් වීමට ලැබෙන්නේ කොන්දේසි තුනක් යටතේ ය.

ඉන් පළමුවැන්න වන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු අසුන භාරගැනීම යි. ජනාධිපතිවරයා විසින් රංජන් රාමනායක මහතාව නිදහස් කරන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු පැමිණීම සඳහා තමන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සිය අසුන පරිත්‍යාග කරන බවට මීට පෙර අවස්ථා ගණනකදී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබිණි. ඔහු ආණ්ඩුවට අභි‍යෝගයක් වශයෙන් ද එය ඉදිරිපත් කළේය. ඒ අනුව ජනාධිපති සමාවක් මත රංජන් නිදහස් වන්නේ නම් හරීන් ප්‍රනාන්දු මහතාට අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වීමට සිදුවේ. එහිදී එම ආසනය ප්‍රතික්ෂේප නොකර, එය ලබාගැනීම පළමු කොන්දේසිය වී තිබේ.

රංජන් නිදහස් කිරීම හරහා ම හරීන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගැනීම ආණ්ඩුවේ පැත්තෙන් විශාල ජයග්‍රහණයකි. මන්දයත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ කියන කතා හරීන්ටත් එළියේ සිට කියන්නට බැරි නීතිමය තත්වයන් ද පවතින නිසාය.

දෙවැනි කොන්දේසිය වන්නේ රංජන්, හරීන්ගේ මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු පැමිණියත් හරීන් කරගෙන ගිය වැඩකොටස කරන්නට නොයෑම ය. විශේෂයෙන් දිගින් දිගටම ආණ්ඩුවට එරෙහිව දැවැන්ත අභියෝග එල්ල කරමින් හරීන් කරගෙන ගිය ක්‍රියාදාමය රංජන් විසින් ඉදිරියට ගෙන නොයෑම ය.

තුන්වැනි කොන්දේසිය වන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව දැනටත් විභාග වන දෙවැනි නඩුවේදී අධිකරණයෙන් සමාව ගැනීමය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles