Saturday, September 21, 2024

රන්ජන්ට බන්ධනාගාරයේ සිටම උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකමි හිමිවෙි

බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට සිය උසස් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බන්ධනාගාරයේ සිටම කරගෙන යාමට අවසර හිමිවී තිබේ.

මේ සඳහා අවසර ලබා දෙන ලෙස රන්ජන් රාමනායක රැඳවුවා විසින් ඉල්ලීමක් කර තිබූ අතර අධිකරණ ඇමැතිවරයාගේද උපදෙස් පරිදි ඒ සඳහා අවසර ලිපිය ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට ලැප්ටොප් පරිඝණකයක් භාවිතයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාල බාහිර උපාධි පාඨමාලා දේශන සඳහා සහභාගි වීමට රන්ජන් රාමනායකට අවසර හිමිවන අතර ඔහු හදාරන විෂය සම්බන්ධ පත පොත,අතිරේක සටහන් ආදියද බාහිර පාර්ශවයන්ගෙන් ගෙන්වා ගැනීමට ද මේ යටතේ අවසර හිමිවෙයි.

එම ඔන්ලයින් දේශන පැවැත්වෙන අවස්ථාවට ඔහු සහභාගි වීම බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියකු ඉදිරියේදී සිදු කෙරෙන බවද උපුල්දෙණිය මහතා පවසයි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ,තරුණ හා ප්‍රජාසංවර්ධන ශාස්ත්‍රවෙිදී බාහිර උපාධී පාඨමාලාවකට අයදුම් කර ඇති රන්ජන් රාමනායක ඒ සඳහා අවශ්‍ය මූලික සහකික පත්‍ර පාඨමාලාව සමත්වී සිටී.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රන්ජන් රාමානායක දණහිසේ ඇතිවූ ආබාධයකට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිමට මේ වන විට වැලිකඩ බන්දනාගාර රෝහලට මාරු කර එවා තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles