රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රී දුෂණ කර නෑ – ගීතා ජනපතිට කියයි

0
319

‘‘රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

තමා මීට පෙරද පාර්ලිමේන්තුවේදී සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙටස ඉල්ලා සිටි නමුත් එයට ප‍්‍රතිචාරයක් නොලැබීම ගැන කනගාටු වන බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

‘‘රන්ජන් කියන්නේ මගේ සහෝදර කලා ශිල්පියෙක්. ඔහුත් එක්ක සිනමාවේ මම ප‍්‍රධාන චරිත රඟපාලා තියෙනවා. එහෙත්, අද ඔහු සිරගත වී සිටීම හිතට දුකක් දැනෙනවා. රන්ජන් සමාව නොදෙන්න තරම් වරදක් කරලා නැහැ. කොහොම වුණත් දැන් ඔහුට සමාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නිදහස් කළොත් ඔහු යළිත් කලා ක්ෂේත‍්‍රයට එක්වෙලා වැඩක් කරාවි’’.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here