රන්ජන් ජනපතිගේ ‌’වේටින් ලිස්ට්’ එකේ !

0
350

උසාවියට අපහාස කිරීම සම්බන්ධව වැරදිකරු වී සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා ලිඛිත ඉල්ලීමක් යොමු කොට තිබූ අතර එම ඉල්ලීම මේ වනවිට පොරොත්තු ලේඛනයේ පවතින බව වාර්තා වේ.

එය පසුගිය 01 වැනිදා ලැබුණු බවත්, ඒ පිළිබඳව තවම කිසිදු ප‍්‍රතිචාරයක් ලබාදීමට කාලයක් නොලැබුණු බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා සතිඅන්ත ‌මාධ්‍ය වෙත පවසා ඇත.

එම ඉල්ලීම පිළිබඳව වැඩිදුරටත් කටයුතු කරන්නේ කෙසේදැයි විමසූ විට, දිනයක් දෙකක් වැනි කෙටි කලක් මෙම ඉල්ලීම සිදු කර ගතවී ඇති හෙයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිවක් කිව නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here