Friday, November 15, 2024

රන්ජන් නිදහස් කරන්න විපක්ෂය ජීනිවා යන්න සූදානම්

සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් විශේෂ ලිපියක් භාරදීමට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හෙට (28 දා) ජිනීවා බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවේදී ලබන 03 වැනිදා ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය අතරතුර අදාළ ලිපිය භාරදීමට නියමිතය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායක මහතාට ලෝක නීතිය අනුව සමාවක් ලබා ගැනීමේ අරමුණින් අදාළ ලිපිය භාරදෙන බව එහි යෑමට නියමිත මන්තී‍්‍රවරයා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

රංජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ වරදට ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වසර 04ක් සිරදඬුවමක් පසුගිය 2021 වසරේ ජනවාරි 12 වැනිදා ලබා දෙන ලදී.

ඒ මහතාට සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලා සිටි අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද අවස්ථා කිහිපයකදීම ජනාධිපති සමාව ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීම් පවා කර තිබිණි.

එහෙත් ඔහුට මෙතෙක් නිදහස නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විවිධ පියවර ගැනීමට විපක්ෂ නායකවරයා සජබ මන්තී‍්‍රවරුන්ට මීට පෙර විවිධ කටයුතු භාර දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles