රන්ජන් පාර්ලිමේන්තු ගෙන්වන්න ස.ජ.බ. කථානායකගෙන් ඉල්ලයි

0
588

වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18) ඉල්ලීමක් කළේය.

ඉහත ඉල්ලීම කථානායකවරයාගෙන් කරනු  ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම අතරතුරය.

සමගි ජනබලවේගයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙහිදී කතානායකවරයා වෙත දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර ඇත.

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ව්‍යවස්ථානුකූලව කිසිදු බාධාවක් නොමැති බව එහිදී කථානායකවරයා වෙත පෙන්වා දුන් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සිද්ධියේදී ඔහුට පාර්ලිමේන්තු ලබාදීමට කතානායකවරයා අවසර ලබා දුන් ආකාරයට රන්ජන් රාමනායක මහතාට අවසර ලබාදෙන ලෙසද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කරුණු දක්වන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here