රන්ජන් රාමනායකව වහාම නිදහස් කරන්න ! – ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය ජනාධිපතිවරයා වෙත දන්වයි

0
371

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටියි.

එහිදී අන්තර් පාර්ලිමේන්තු සංගමයෙහි පාලක සභාව රාමනායක මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් කරුණු නවයකින් යුත් තීරණයක් ඒකමතිකව සම්මත කොට තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, රඳවා තබා ගැනීමේ අමානුෂික කොන්දේසි, සාධාරණ නඩු විභාගයක් නොමැතිකම, අභියාචනා කිරීමට අයිතියක් නොමැතිකම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම සහ පාර්ලිමේන්තු ජනවරම අනිසි ලෙස අවලංගු කිරීම හෝ අත්හිටුවීම එම කරුණු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here