රන්ජන් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවයි

0
515

සිරගතකර කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවට කැදවා තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරින් විසින් අද පෙරවරුවේ රන්ජන් රාමනායක මහතා එම කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත රැගෙන ආ බව සදහන්.

ජනාධිපති කොමිසම හමුවට කැදවන ලෙස කල ඉල්ලීමට අනුව ඔහු අද දිනයේදී රැගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලා.

විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා පනතේ අංක 07 දරණ වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ විමර්ශණ ඒකකය වෙත දැනට බන්ධනාගාර ගත කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායක ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා වෙත දන්වා ඇත .

2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේ දී සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ එම කොමිසම විසින් විමර්ශන සිදුකරන අතර රන්ජන් රාමනායක මහතා එම රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here