Saturday, September 21, 2024

රන්ජන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව අද (09) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ,අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩු විභාගය සඳහායි.

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා ඉකුඉත් ජනවාරි (24) දින ද රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ආ අතර, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ එම නඩුව කැඳවුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිරගත කළේ මීට වසරකට පෙර යි.

2018 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනක දී සිදු කළ ප්‍රකාශයක් මෙම නඩුව සඳහා මුල් වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles