රන්ජන් හිරේ ඉඳන් විනිසුරුවරියට ලියුමක් ලියයි

0
283

සැඟවුන වත්කම් තිබෙන බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වූ පුද්ගලයන් වන නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අල්ලස් කොමිසමට ලබාදීමට හැකි යැයි රන්ජන් රාමනායක මහතාගේ නීතිඥයා අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාලව රන්ජන් රාමනායක මහතා සාක්ෂි ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ද රන්ජන් රාමනායක මහතාගේ නීතිඥ ආශාන් රිෂි ප්‍රනාන්දු මහතා අල්ලස් කොමිසමේ සභාපතිනියට යවා ඇති ලිපියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here