රන් පවුම් 128 ක් සමඟ දෙකක් දැලේ..

0
310

යාපනය ප්‍රදේශයේ ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම් ඇතුළු සොරකම් වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයේ ගෙවල් බිඳීම් හා සොරකම් සම්බන්ධ සිද්ධි ගණනාවක් පිළිබද යාපනය පොලීසියට පැමිණිලි ලැබී තිබූ බව සඳහන්ය.

ඒ අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද රත්‍රං පවුම් 128ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය හා කෝපායි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here