Thursday, January 9, 2025

රනිල් රට බාර ගෙන පැය 48ක් යන්නට පෙර සිදු කළ පෙරළිය

2015 ජනවාරි 08 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා රටේ රාජ්‍ය නායකයා නොවී ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – II මූලික වැටුප රුපියල් 13,410.00 සිට රුපියල් 27,740.00 දක්වා 106% යක ප්‍රතිශතයකින් වැඩි කරන ලදී. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ අයෙකුගේ මූලික වැටුප තිබුනේ රුපියල් 36,755.00 යි.එය රුපියල්  76,175.00 දක්වා 107% කින් වැඩි කෙරුණී.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල සම්බන්ධව කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් දැක්වීය.

2013,2014 වර්ෂවලදී රට මුහුණ පා තිබුණු ඛේදවාචකය හමුවේ 2015 ජනවාරි 08 වෙනිදා වන විට හදීසි මැතිවරණයක් පවත්වා පාලන බලය වෙනස් කිරීමට සිදු වුනු අතර, 2015 දී රට බාර ගන්නා විටත් කතිකාව පැවතුනේ ලෝක අර්බුධයක් ඇති නිසා රටේ ආර්ථික ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි. නමුත් 2015 ජනවාරි 08 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරය බාර ගනිමින් විධායක ජනාධිපතිවරයාගේ බලතල ජනතාවගේ පොරොන්දුව අනුව අහෝසි කරමින් විධායක බලයෙන් කොටසක් අගමැතිවරයා ලෙස බාර ගනිමින් පැය 48 ක් ගත වීමට පෙර ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ අඩු කර, රජයේ හා පෞද්ගලික අංශ වල වැටුප් වැඩි කරමින්, විශ්‍රාම වැටුප් ද වැඩි කරමින් කටයුතු සුවිශේෂි පෙරළියක් සිදු කළා.

අද මේ රටේ ගුරුවරු පාරට තල්ලු කර තිබෙනවා. ගුරුවරු උද්ඝෝෂණ කරනවා. පෙල පාලි යනවා. හැබැයි අපේ ගුරුවර ගුරුවරියන් මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2014 දී රට බාරගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – II මූලික වැටුප රුපියල් 13,410.00 ට තිබුණු අතර එය රුපියල් 27,740.00 දක්වාද, ගුරු සේවයේ 3 – IC, 3 – IB, 3 – IA මූලික වැටුප රුපියල් 14,280.00 ට තිබුණු අතර එය රුපියල් 29,540.00 දක්වා වැඩි කරන ලදී. ගුරු සේවයේ 2 – II මූලික වැටුප රුපියල් 16,100.00 ට තිබුණු අතර එය රුපියල් 33,300.00 දක්වා වැඩි කරන ලදී. ගුරු සේවය 2 – I මූලික වැටුප රුපියල් 18,950.00 ට තිබුණු අතර එය රුපියල් 35,130.00 දක්වා වැඩි කරන ලදී. ඒ වගේම ශ්‍රී ලංකා ගුරු සේවයේ 1 – I මූලික වැටුප රුපිල් 21,750.00 එය රුපියල් 44,550.00 දක්වා වැඩි කරන ලදී.

ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ III ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,060 ට තිබුණු අතර එය රුපියල් 35,280 දක්වා වැඩි කරන ලදී. ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ II ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 19,370.00 ට තිබුණු අතර එය රුපියල් 40,040 දක්වා වැඩි කරන ලදී. ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ I ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 22,415.00 ට තිබුණු අතර එය රුපියල් 46,325.00 දක්වා වැඩි කරන ලදී.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියේ මූලික වැටුප රුපියල් 22,935 ට තිබුණු අතර එය රුපියල් 47,615.00 දක්වා වැඩි කරන ලදී. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II පන්තියේ මූලික වැටුප රුපියල් 30,175.00 ට තිබුණු අතර එය රුපියල් 62,595.00 දක්වා වැඩි කරන ලදී. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ මූලික වැටුප රුපියල් 36.755.00 ට තිබුණු අතර එය රුපියල් 76,175.00 දක්වා මූලික වැටුප වැඩි කරන ලදී.

ලෝක ආර්ථිකය අර්බුධයක තිබුණත් රනිල් වික්‍රමසිංහ නායකතුමා පඩි වැඩි කිරීම 107% කින් වැඩි කරන ලදී. එම මූලික වැටුප විශ්‍රාම වැටුපට එකතු කරන ලදී. වැටුප් අසමානතා තිබුණු යුගයක අපේ පාලන කාලය තුළ ඒවා නිවැරදි කරන ලදී. බොහෝ අය අප පාලනයට දොස් කියන අය අප එදා වැඩි කරන ලද වැටුප නොගෙන පරණ වැටුපෙන් ජීවත් වීමට සිදු වූවා නම් අද මොනතරම් ඛේදවාචකයකට මේ රටේ ගුරුවර ගුරුවරියන් මුහුණ දෙනවද කියලා කල්පනාවෙන් සිතා බැලිය යුතුයි කියලා මතක් කරන්න කැමතියි. ගුරු බවතුන්ගේ වැටුප වැඩි කිරීමේ කාර්යය භාර්යය රනිල් වික්‍රමසිංහ වැනි කෘතහස්ත දේශපාලඥයෙකුට පැය 48 කින් වෙනස් කළ හැකි අතර මේ ප්‍රශ්නය 2023 දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විසඳිය හැකි බවද වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

වැටෙන රට ගොඩගැනීම හා නියත වශයෙන්ම ගුරුවර ගුරුවරියන් මේ ප්‍රශ්නය අනාගතයෙදිත් ගුරුවර ගුරුවරියන්ගේ ප්‍රශ්නය 2015 දී විසඳූ ආකාරයට අනාගතයේදී ද විසඳිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවත් ඒ නිසා තමයි පසුගිය දවස්වල මා ප්‍රකාශ කළේ රට පාලනය කළ නොහැකි නම් රට පාලනය කර පළපුරුද්දක් ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට බාර දෙන්න කියලා. එතුමාට ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පැහැදිළිව ඇති නිසා එතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ ප්‍රශ්නය විසඳිය හැකි බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles