Tuesday, September 24, 2024

රනිල් හදිසියේම මහනායක හිමියන් බැහැදකියි

හිටපු අග‍්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහදැක ආශිර්වාද ලබාගත්තේය.

පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් බැහදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව අස්ගිරි මහාවිහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමියන් බැහදැක ආශිර්වාද ලබාගත්තේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මහානායක හිමිවරුන්  බැහැදැකීමේ අවස්ථාවන් හෝ සිදුකරන ලද සාකච්ඡාවන් ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ ලැබුනේ නැත.

රනිල් ක‍්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයෙන් එළියට පැමිණෙමින් සිටි අවස්ථාවේදී මාධ්‍යවේදින් විසින් මහානායක හිමියන් බැහදැකීමේ විශේෂ කරුණක් තිබුනා දැයි යන්න විමසා සිටි අවස්ථාවේදී  හිටපු අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමන් ස්තූති කිරිම සඳහා පැමිණි බවයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles