රනිල් හාමුගේ කකුලෙන් අදින්න එපා

0
854

අගමැති රනිල් වික්‍රමසිංහ හොඳ ගමන් මාර්ගයකට පැමිණ ඇතැයි පවසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති හිමියෝ කකුලෙන් ඇද ඒ ගමන නැති නොකරන ලෙස  හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

වාර්ෂික ගංගාරාම නවම් පෙරහැර 22 සඳුදා සමාරම්භක උලෙළ  අමතමින් ගලබොඩ ඥානිස්සර හිමියන් මේ ඉල්ලීම කළේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එක  තැන අසුන් ගනිමින් උන්වහන්සේගේ කතාවට සවන් දෙමින් සිටි මොහොතකය.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දිනවල ජනමාධ්‍ය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබදවද අදහස් දැක්වු දැන් ගලබොඩ ඥානිස්සර හිමියෝ සදහන් කර සිටියේ ‘මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බොහොම චෝදනාවක් තියෙනවා ප්‍රවෘත්ති පත්‍ර ඒ වගේම ජනසන්නිවේදන අංශයන්ට ටිකක් සැර දානවා කියලා. එහෙම දාන්න ඕන ඒ අයට. අපිටත් එහෙන් මෙහෙන් කොනිත්තලා දාන වෙලාවල් තියෙනවා. අපි නම් ගණන් ගන්නේ නෑ. රටේ පාලකයාට එහෙම සැර දාන්න අයිතියකුත් තියෙනවා’ යනුවෙනි.

(Radio Gagana)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here