රනිල් හා ගෝඨාභය අතර රහසිගත හමුවක්.අගමැතිකම බාර ගනීද ?

0
505

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් ඊයේ (7) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විනි. ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා එහිදි ජනාධිපතිවරයා හමුවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳව එහිදී ජනාධිපතිවරයා කරුණු විමසනු ලැබීය.

ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා, සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ ලෙස කරුණු විමසනු ලැබීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විනාඩි කිහිපයක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවුනු දැක ගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here