රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

0
310

රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් නිවසකට පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් ඒකකය සඳහන් කළේ අද (09) අළුයම 05.30ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වන 08 හැවිරිදි දැරිය සහ ඔවුන්ගේ ඥාතීන් දියණියක් වන 13 හැවිරිදි දැරියක් බවයි.

අනතුරින් මියගිය කාන්තාවගේ සැමියා ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා පැවසීය.

මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here