රඹුක්වැල්ල ස්පුට්නික් යවයි…

0
596

බස්නාහිර පළාතින් පසු එන්නත්කරණ වැඩසටහන පිට පළාත්වලට ගෙනයමින් පළමුව මහනුවර දිස්ත්‍රික්ක ජනතාව වෙත කොවිඩ් 19 එන්නත ලබා දීමට ඉදිරි සතියේදී පියවර ගන්නා බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් පළමු තොගය සම්පුර්ණයෙන්ම එම දිස්ත්‍රික්කය වෙත ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ .

එළඹෙන සතියේ ස්පුට්නික් එන්නත් මාත්‍රා 5000ක් මෙරටට ලැබීමට නියමිත අතර තවත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සතියේ ලැබීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here