රවීගේ කැබිනට් පත්‍රිකා 03ක්- ජනපති ඉවත් කරයි

0
749

කැබිනට් පත්‍රිකා තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එහි ‘විසුම්පාය’ සිය නිල නිවස ලෙස යොදාගැනීමට අදාළව එක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ.

විසුම්පාය ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට නවාතැන් ගැනීමටත් යොදා ගැණෙන අතර එම කැබිනට් පත්‍රිකාව ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමාට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත්කර ගැනීමට අදාළව තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇත.

එයද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ඉන්දියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here