Sunday, September 22, 2024

රවීගේ දුවටයි බිරිඳටයි මුදල් ඇමති තෑග්ගක් දීලා

පෞද්ගලික මුදල් ඇපයක් මත, තීරු බදු නොගෙවන ලද භාණ්ඩ රඳවා තබන රජයේ ගුදමක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් තම බිරඳට හා දියණියට ලබා දී ඇති බව දූෂණ විරෝධ හඬ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙලෙස පෞද්ගලික මුදල් අපකරයක් මත රජයේ ගුදමක් ලබාගෙන ඇත්තේ ඉතාහාසයේ පළමු වරට බවත් පෞද්ගලිකව ලබා ගත හැක්කේ පෞද්ගලික ගුදමක් බවත් මෙලෙස රජයේ ගුදමක් ලබා ගැනීම නීති විරෝධී බවත් වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ලෙස කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles