රවීට එරෙහිව නඩු පවරන්න ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි

0
310

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට එරෙහිව ඉදිරි සතියේදී නඩු කිහිපයක් පැවරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගයට පිළිතුරු වශයෙන් මෙම නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවද මන්ත‍්‍රීවරයා කියයි.

මුදල් අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාව කිසිදු අයුරකින් සම කළ නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයා රවී කරුණානයක මහතා වැන්නකුට නඩු පැවරීමට උසාවි  යාම අර්ථ ශූන්‍ය කාරණයක් බවද මන්තී‍්‍රවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල ශී‍්‍ර වජිරාශ‍්‍රම විහාරයේ දී අද (02) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්තී‍්‍රවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here