මුදල් ඇමති රවීගේ නිර්දේශය නොමැතිව මහ බැංකු අධිපති පත් කළ නොහැකි බැවින්, එම ධූරය පත් කිරීම කල් යන ලකුණු පහලව ඇත. මුදල් ඇමති මේ දින වල විදෙස් ගතවයි සිටින්නේ. එම ධූරය සඳහා සුදුස්සෙකු පත්කිරීමට අගමැති හා ජනපති පැහැදිලි ස්ථාවරයක සිටින බව අග්රාමාත්ය කාර්යාල ආරංචි සඳහන් කරනවා.
චීනයේ බීජින් නුවර පැවැත්වෙන ආර්ථික සමුළුවට පිටත්ව ගොස් සිටින මුදල් ඇමතිවරයා මෙම සති අන්තයේදී දිවයිනට පැමිණෙනවා. අද පැවති එජාප හමුවකදීද නලින් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ ඉදිරි දින කීපය තුල නව අධිපති කෙනෙක් පත් කරන බවයි. ජනපති හා අගමැති අතර හමුවක්ද අද පවත්වා ඇති බව වාර්තා වෙනවා.
එහිදී VAT බද්ද සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත. ලබන සඳුදා ජනපති වෙළඳ සංගම් නියෝජිතයින් හමුවෙනු ඇති. ඉන් පසුව, ජනපති හා අගමැති බදු සංශෝධනයන් ගැන කතා කිරීමට නියමිතයි.