වී වගාව සඳහා රසායනික පොහොර ගෙන්වන්න කිසිඳු තීරණයක් නෑ – කෘෂිකර්ම ඇමති

0
318

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිඳු තීරණයක් නොගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ එළවලු සඳහා පමණක් විශේෂ පොහොර වර්ගයක් ආනයනය කිරීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය වූ බවයි.

අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here