රසායනික පොහොර තහනම ඉතා වටිනා කාලෝචිත ක‍්‍රියාවක්

0
332

මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම ඉතාම කාලෝචිත වටිනා ක්‍රියාවක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ අදහස් පල කලහ.

‘මේ මොහොතේ රසායනික පොහොර නතර කිරීම කාලෝචිත ඉතාමත් වටිනා ක්‍රියාවක්. රසායනික පොහොර කියන්නේ මාෆියාවක්. සංවිධාන හා පුද්ගලයන් විසින් ගොවීන් උසිගන්වනවාත අපේ රටේ හදග කාබනික පොහොර ලබාදිය යුතුයි. කාබනික පොහොර හදන අයට උපරිමයෙන් සහන සැලසිය යුතුයි’

ගුරු විරෝධතා ගැනද උන් වහන්සේ එහීදී අදහස් පල කලහ.

‘මේ මොහොතේ රටේ ආර්ථික තත්වය ගැන හා දරුවන් ගැන සිතා ගුරුවරුන් වැඩ කල යුතුයි. අංක එක දරුවන් බව ඔවුන් මතක තබා ගත යුතුයි. මේ මොහොතේ දරුවන් ගුරුයවරුන් හා දෙමාපියන් ගේ සංහිදියාව නැති කිරීම සදහා විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් ගුරුවරුන් බේරිය යුතුයි’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here