රසායනික පොහොර හිඟයක්..

0
799

රජය විසින් ගන්නා ලද තීරණයක් හේතුවෙන් රට පුරා රසායනික පොහොර හිඟයක් ඇතිව තිබෙන බව ගොවීහූ පවසති. මහ කන්නය සඳහා වගාවට සුදුසු කාලය සහ පොහොර යොදන කාලය එලඹ ඇතත් මේ වන තුරු පොහොර නිකුත් වන්නේ සලාක ක්‍රමයකට සහ සුළු වශයෙනි. ඒ පවතින තොග අවසන් වීමත් අලුත් තොග ආනයනය කිරීම අත්හිටවීමත් හේතුවෙනි.

පෙරේදා දිනයේ ගලේවෙලදී ගොවීන් සහ ගොවිජන සේවා නිලධාරීන් අතර ගැටුම් පවා ඇතිවූයේ පොහොර අර්බුදය නිසාය. එමෙනේම ගොවීහූ සමාජ දුරස්ථ භාවය කඩකරමින් දවස් ගණන් පෝලිම්වල ගතකරනු දැකිය හැකි විය.

මේ හේතුව නිසා ඉදිරි මාසයේ සිට සියළුම කෘෂි නිෂ්පාදන වල මිල කිහිප ගුණයකින් ඉහළ යනු ඇතැයි ගොවීහූ අනතුරු අඟවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here