Wednesday, September 25, 2024

රහස්‍ය ධනය රැස් කිරීම් පිළිබඳ ‘පැන්ඩෝරා පේපර්ස්’ වලින් හෙලිදරව් කළ පුද්ගලයින් ගැන ස්වාධීන විමර්ශනයක් කරන්න – TISL

පැන්ඩෝරා ලේඛන මගින් හඳුනාගෙන ඇති කිසියම් හෝ ධනයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්පත් අවභාවිතයෙන් උපයා ගෙන තිබේදැයි සොයා බැලීම සඳහා මෙරට අභ්‍යන්තර වශයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරනවා.

ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, පැන්ඩෝරා ලේඛන මගින් හෙළිදරව් කර ඇති කරුණු පිළිබඳව මෙරට බලධාරීන් ස්වාධීන විමර්ශනයන් කඩිනමින් සිදු කල යුතු බවයි.

එමෙන්ම අදාල චෝදනාවට ලක්වන හිටපු අමාත්‍යවරියට අදාළව දැනට පවතින විමර්ශන, නීති ක්‍රියාත්මක කරන අධිකාරීන්ට සහ අධිකරණයට කිසිදු බාහිර බලපෑමකින් හෝ අතපෙවීමකින් තොරව සම්පූර්ණ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ ස්ථාවරයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles